අළුත්ගම ඓතිහාසික කන්දේ විහාරයට ගිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කන්දේවිහාරාධිපති සහ ඇමරිකාවේ ෆ්ලොරීඩා බෞද්ධ විහාරාධිපති කීර්ති ශ්‍රී වාගීස්වර විනයාචාර්ය ගෞරව ශාස්ත්‍රෙව්දී පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් ඊයේ 2021.02.13 පස්වරුවේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය ද හොබවන පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන්ට නමස්කාර කරමින් පළමුව පිරිකර පූජා කළ අග්‍රාමාත්‍යතුමා නාහිමියන්ගේ සුව දුක් විමසා සිටියේය.
රටේ පවතින තත්ත්වය හමුවේ ධර්මානුකූල පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කොක්කාවිට විපුලසාර නාහිමියෝ මෙහි දී අග්‍රාමාත්‍යතුමාට අනුශාසනාවක් කළහ.
අනතුරුව අග්‍රාමාත්‍යතුමා ඓතිහාසික කන්දේවිහාරය වැඳ පුදා ගත්තේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන් මහතා ඇතුළු ප්‍රාදේශීය මහජන නියෝජිතයන් හා බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.