තිරසාර දැහැමි සමාජයක් උදෙසා පුණ්‍යග්‍රාම වැඩසටහන

ගමයි පන්සලයි අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමින් තිරසාර දැහැමි සමාජයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් බුද්ධශාසන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන පුණ්‍යග්‍රාම වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රාදේශීය ලේකම් බලා ප්‍රදේශයේ විරපඬියාන ග්‍රාමනිලධාරී කොට්ඨාශයේ සිප්පිකලාන ශ්‍රී වජිරඥානාරාම විහාරස්ථානය කේන්ද්‍රකොට ගනිමින් 40ක් නමක් වූ මහා සංඝයාවහන්සේගේ සහභාගිත්වයෙන් මුළු ගම්මානයම ආවරණය වන පරිදි පිණ්ඩපාත චාරිකා පින්කමක් 2018 අප්‍රේල් මස 09 වන දින පවත්වන ලදී.
පානවැව සිරි ගුණරතන පරිවේනාධ්‍යක්ෂක පානවැව විහාර පරපුරේ අධිපති ශ්‍රී වජිරඥානාරාම විහාරස්තානාධිපති අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක ශ්‍රී සුමේධ ධර්මවන්සාලකාර සද්ධර්ම කිර්ති ශ්‍රී විජයකටුපොත සිරිධම්මතිස්ස නායක ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සංවිධානය කෙරිණි. 
මෙ සඳහා බුද්ධශාසන අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය සහ හලාවත ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සහ එම කාර්ය මණ්ඩලය, හලාවත පොලිස් ස්ථානයේ නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසී බොහෝ පිරිසක් එක්ව සිටියහ.

 

vesak3

Raharata Charika

vihara-namawaliya

නවතම දර්ශන