තිරසාර දැහැමි සමාජයක් උදෙසා පුණ්‍යග්‍රාම වැඩසටහන

ගමයි පන්සලයි අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමින් තිරසාර දැහැමි සමාජයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් බුද්ධශාසන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන පුණ්‍යග්‍රාම වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රාදේශීය ලේකම් බලා ප්‍රදේශයේ විරපඬියාන ග්‍රාමනිලධාරී කොට්ඨාශයේ සිප්පිකලාන ශ්‍රී වජිරඥානාරාම විහාරස්ථානය කේන්ද්‍රකොට ගනිමින් 40ක් නමක් වූ මහා සංඝයාවහන්සේගේ සහභාගිත්වයෙන් මුළු ගම්මානයම ආවරණය වන පරිදි පිණ්ඩපාත චාරිකා පින්කමක් 2018 අප්‍රේල් මස 09 වන දින පවත්වන ලදී.
පානවැව සිරි ගුණරතන පරිවේනාධ්‍යක්ෂක පානවැව විහාර පරපුරේ අධිපති ශ්‍රී වජිරඥානාරාම විහාරස්තානාධිපති අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක ශ්‍රී සුමේධ ධර්මවන්සාලකාර සද්ධර්ම කිර්ති ශ්‍රී විජයකටුපොත සිරිධම්මතිස්ස නායක ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සංවිධානය කෙරිණි. 
මෙ සඳහා බුද්ධශාසන අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය සහ හලාවත ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සහ එම කාර්ය මණ්ඩලය, හලාවත පොලිස් ස්ථානයේ නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසී බොහෝ පිරිසක් එක්ව සිටියහ.

වෙසක් පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් තහනම් කිරීමක් සිදු කර නැහැ

වෙසක් පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් තහනම් කිරීමක් සිදු කර නැහැ:
වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි. තම කැමැත්ත පරිදි තොරණ ප්‍රදර්ශනයට සහ දන්සල් පැවැත්වීමට කිසිදු පුරවැසියකුට හෝ පුරවැසි කණ්ඩායමකට බාධාවක් නැත.
වෙසක් සහ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයන්හිදී ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් කටයුතු කිරීම වැදගත් වන බැවින් පොහෝ දිනයන්හිදී පමණක් තොරණ සහ දන්සැල් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්නේ නම් මැනැවැයි යනුවෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එම ඉල්ලීම කර ඇත්තේ බුද්ධ ශාසන උපදේශක කමිටුවේ එකඟතාවය මතය. එයින් කිසිසේත්ම තොරණ ප්‍රදර්ශනය සහ දන්සැල් පැවැත්වීම තහනම් කිරීමක් අදහස් නොවෙයි. එමෙන්ම බුද්ධ ශාසනයට අදාළ සියළු තීරණ අමාත්‍යංශය විසින් ගනු ලබන්නේ බෞද්ධ උපදේශක සභාවෙහි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ එකඟතා මත බවත් අමාත්‍යවරයා කියා සිටියි. 

2018 රාජ්‍ය වෙසක් මහෝත්සවය බිංගිරිය රජ මහා විහාරස්ථානයේදී

2018 රාජ්‍ය වෙසක් මහෝත්සවය බිංගිරිය රජ මහා විහාරස්ථානයේදී පැවැත්වෙන අතර ඒ නිමිති කරගත් වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.
බුද්ධශාසන ගරු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍ය සාරති දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමන්ගේ මැදිහත්වීමෙන් බුද්ධශාසන අමාත්‍යංශ ලේකම්තුමන්ගේ පුර්ණ අධීක්ෂණයෙන් යුක්තව මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

2018 රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් සාකච්චාවක් ගරු බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.03.23 දින පෙරවරුවේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මේ සඳහා බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම්තුමා, බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා, වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් තුමා, ත්‍රිවිද හමුදා නිලධාරීන් සහ එක් එක් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහභාගී විය.

ඉරිදා දහම් පාසල් අනිවාර්යය කිරීමට රජය ප්‍රතිපත්තිමය තිරණයක් ගැනීමට සුදනම්

ඉරිදා දහම් පාසල් අනිවාර්යය කිරීමට රජය ප්‍රතිපත්තිමය තිරණයක් ගැනීමට සුදනම්

ඉරිදා දින උදය වරුවේ බෞද්ධ ඇතුළු සියලු ආගම්වල දහම් පාසල් අනිවාර්යය කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තිරණයක් ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම උදෙසා තිරණයක් ගෙන ඇතැයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කළේය.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 2018.03.26 වන දා පස්වරුවේ බෞද්ධ උපදේශන සභාව, බුද්ධශාසන අමාත්‍යාංශයේ රැස් වු අවස්ථාවේදීය.මෙම කැබිනට් පත්‍රිකාව තමන් ඉදිරිපත් කරන්නේ අනෙකුත් සියලු ආගම්වලට අදාළ වගකීම් උසුලන අමාත්‍යවරුන්ගේ මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා සමගින් බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේ ය.එහිදි සියලු ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය සාර්ථකව සිදුකරනු ලබන දරුවන්ට පාසල් විභාගවලදී ලකුණු ප්‍රමාණයන් ලබාදීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තිරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

2018.03.26 දින පැවති බෞද්ධ උපදේශන සභා රැස්වීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිවුල්කුඹුරේ සරණංකර විමලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ , අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ,පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය පාද එල්ලාවල නායක ස්වාමීන් වහන්සේ, කොළඹ නවකෝරළයේ හා නවතොටමුනේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය දිවියාගහ යසස්සී නායක ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ උපදේශක සභාවේ සමාජික නායක ස්වාමින් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නියෝජිතයෝ ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආගමික හා සංස්කෘතික සබැඳියාවන් වර්ධනය කිරීමට පියවර

පාරම්පරික උඩරට නර්තනය සහ සංස්කෘතික උරුමයන් සුරැකීමට ශ්‍රී දළදා මාලිගාවට අනුයුක්තව පල්ලෙකැලේ ප්‍රසාංගික පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට ඉන්දියාව හා ශ්‍රී ලංකාව ගිවිසුම් අත්සන් තැබන ලදී.දැනට අභාවයට පත්වමින් පවතින පාරම්පරික උඩරට නර්තන හා සංස්කෘතික උරුමයන් සුරැකීමට, ප්‍රාසංගික පුහුණු ආයතනයක් පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා විසින් යෝජනා කර ඇත. මේ සඳහා දැරීමට සිදුවන පිරිවැය සඳහා ඉන්දියානු රජයේ ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපත් වී ඇත.මේ සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සැප්තැම්බර් 19 දින බුද්ධශාසන අමාත්‍යංශයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආගමික හා සංස්කෘතික සබැඳියාවන් වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණක් වී තිබේ. ඉන්දීය මහා කොමසාරිස් වයි. කේ සිංහා මහතා , බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ශාරති දුෂ්මන්ත මහතා, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන රැසක් එක්ව සිටියහ.

 

30 31
32 34

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ඇසල පෙරහැර

බෙල්ලන්විල පෙරහැර බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 14 වන දින ‍සෙත්පිරිත් දේශනයෙන් ඇරඹුනි. බෙල්ලන්විල රජ මහා විහාරයේ ඇසල පෙරහැර මංගල්ල්‍යය රන්දෝලි මහා පෙරහැර 27 දා රාත්‍රියේ අලි ඇතුන් රාශියක් සහ උඩරට පහතරට දෙරට නැටුම් කාණ්ඩයන් සිය ගණනකින් සමන්විතව උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා විසින් සදාතුක කරඬුව විහාරස්ථානයෙන් ධාතු මන්දිරයට වැඩම කල අතර එතුමා විසින් ධාතු කරඬුව නැදුන්ගමුවේ රාජා හස්තියා මත තැන්පත් කරන ලදී. අනතුරුව බෙල්ලන්විල විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන, බෙල්ලන්විලවිහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි වරුන් පෙරටු කරගත් රන්දෝලි මහා පෙරහැර මැති ඇමතිවරුන්ද පොලිස්පති පුජිත ජයසුන්දර මහතාද ඇතුළු සම්බාවණීය අමුත්තන් පිරිවරාගෙන වාහල්කඩින් පිටව දෙහිවල පාරෙන් නැදිමාල දක්වා ගමන් කරන ලදී. එම පෙරහැර අලුයම 4.00 ට පමණ වීථි සංචාරය අවසන් කර විහාරස්ථානයට ගොඩ වන ලදී. දිවයිනේ නන් දෙසින් පැමිණි දහස් ගණනක ජනකායක් පෙරහැර නැරඹීම සඳහා පෙරහැ‍ර ගමන් කල මාර්ගය දෙපස රොක් වී සිටියහ.

18    18

18   perahara

ථේරවාදී බෞද්ධ කතිකාවත් පනත පිළිබදව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ උපදෙස් ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක්

ථේරවාදී බෞද්ධ කතිකාවත් පනත පිළිබදව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ උපදෙස් ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී පැවැත්විණි .මෙම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක ,බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් ද එක්ව සිටියහ.

12 copy 
13

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන

ශ්‍රී ලංකා සොභා සංසඳය මඟින් විහාරමහාදේවි උද්‍යානයේ ලෝක පරිසර දිනයට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනය සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කුටියක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් පරිසරයට වන හානිකර බලපෑම පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමද සිදුකරන ලදි.මෙහිදී අත් පත්‍රිකා බෙදා හරිමින් හා ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මහජනතාවට දුම්වැටි සහ මද්‍යසාර වලින් වන හානිය පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරන ලදි.

pic3 pic4

මතින් නිදහස් රටක්

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මතින් නිදහස් රටක් තේමාව යටතේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ප්‍රජාව දිරිගැන්වීම සහ දැනුවත් කිරීම ඉලක්ක කර ගනිමින් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වල සියලුම ප්‍රාදේශීය කාර්යාල මූලික කරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දහම් පාසල් සිසුන්, ගුරුවරුන් ඇතුළු සමස්ත ප්‍රජාවම දැනුවත් කරමින් මුලු දැයම මතින් නිදහස් රටක් බිහිකිරීමට දායක කරගැනීම අරමුණ වේ.කොළඹ දිස්ත්‍රික්කයට අයත් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන දහම් පාසල් සිසුන් හා ගුරුවරුන් ඇතුළු කණ්ඩායම් සහභාගි කරගෙන මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩමුළු සහ කෙටි පා ගමන් සංවිධානය කිරීම මෙහිදී සිදුකරණු ලැබේ.

 pict1 pict2

විහාර නාමාවලිය

බෞද්ධ විහාරස්ථාන ප්‍රමුඛ ශ්‍රි ලංකාවේ ආගමික සිද්ධස්ථාන පිළිබද තොරතුරු මෙමගින් ලබාගත හැක. දිස්ත්‍රික්ක අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව විහාරස්ථාන ලේඛන ලබාගැනීමේ හැකියාව ඇත. මෙම තොරතුරු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සේවයේ යෙදී සිටින බෞද්ධ කටයුතු ක්ෂෙත්‍ර නිලධාරීන් විසින් ‍info13.info වෙබ් අඩවියට ඇතුලත් කරනු ලබයි. මේ වන විට දිවයින පුරා පිහිටි විහාරස්ථාන තොරතුරු වලින් 98% ක් පමණ තොරතුරු ඇතුලත් කර ඇත.

 

 

vesak3

Raharata Charika

vihara-namawaliya

නවතම දර්ශන