“මිහිඳු නිවහන” නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව 2021.02.07 දින සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරස්ථානයේ දී ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සසුන්ගතව මහණ දම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව “මිහිඳු නිවහන” නිවාස ව්‍යාපෘතිය ආරම්භ වේ.

ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව මෙහයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

හැවන්වැරෑව ග්‍රාමයේ බුද්ධම කෝසල හා බුද්ධම නන්දරතන හිමිවරුන්ගේ දෙමාපියන්වන ඩී.එම්. සීලවතී සහ ඩී.එම්. කිරිබණ්ඩා වෙනුවෙන් ඉදිකෙරෙන මිහිඳු නිවහන සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්ර රාජපක්ෂ සහ ඉන්දික අනුරුද්ධ මහත්වරු මුල්ගල් තැබූහ.

මෙහි දී මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සන්නස් පත්‍රය මීරිගම මිණිඔලුව විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමියන්ට පිළිගන්වන ලදී.

ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාරයීය කාරක සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු උප සභාපති ආචාර්ය පූජ්‍යපාද මැදගම ධම්මානන්ද නාහිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යන අංශයේ අංශාධිපත ‍ෙජ්‍යෂ්ඨ මහාචාර්‍ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මොනරාගල වැලියාය සිරි පියරතන විද්‍යාතන පිරිවෙන් කෘත්‍යාධිකාරී පූජ්‍ය කන්ද උඩ පංගුවේ සුධම්ම නාහිමි, බුද්ධම පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පානමයායේ රතනසාර හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.

එසේ ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඉන්දික අනුරුද්ධ, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත, හිටපු ඇමතිනි සුමේධා ජී. ජයසේන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුශ්යන්ත පෙරේරා ඇතුළු රජයේ නිලධාරින්, කුළ දරුවන් සසුනට පූජා කළ දෙමාපියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, ප්‍රාදේශිය ජනතාව ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම දර්ශන