2020.12.13 වන දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 10256 ක පැවැත්වීමට සංවිධානය කර තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාගය දිවයිනේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවිය.
දිවයිනේ සියළු ම දහම් පාසල් විවෘත කිරීමෙන් අනතුරුව 2021.03.21 වන දින විභාගය පැවැත්වීමට 2021.1.19 දින පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කරන ලදි. ඒ අනුව දිවයිනේ සියළු ම දහම් පාසල් විභාග මධ්‍යස්ථාන ලෙස සලකා 2021.3.21 වන ඉරුදින විභාගය පැවැත්වීමට නියමිතය.
2020.12.13 වන දින ක්‍රියාත්මක කළයුතු යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් දන්වා ඇති උක්ත විභාගය සම්බන්ධ සියළු ම චක්‍රලේඛවල අනිකුත් කරුණු නොවෙනස්ව ක්‍රියාත්මක කළයුතු වේ.
විභාග කාලසටහන ( 2021 මාර්තු 21 )
6 ශ්‍රේණිය පෙ.ව. 8.30 සිට පෙ.ව.9.30 දක්වා ( පැය 1 යි )
7 ශ්‍රේණිය පෙ.ව. 9.45 සිට පෙ.ව.10.45 දක්වා ( පැය 1 යි )
8 ශ්‍රේණිය පෙ.ව. 11.00 සිට පෙ.ව.12.30 දක්වා ( පැය 1 විනාඩි 30 යි )
9 ශ්‍රේණිය ප.ව. 1.00 සිට ප.ව.2.30 දක්වා (පැය 1 විනාඩි 30 යි )
10 ශ්‍රේණිය පෙ.ව. 8.30 සිට පෙ.ව.10.30 දක්වා ( පැය 2 යි )
එසේම පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විසින් වරින් වර නිකුත් කරනු ලබන සෞඛ්‍ය උපදෙස් අනුව විභාග කටයුතු සංවිධානය කළයුතුය.