අම්බලන්ගොඩ සිරි විජයාරාම මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම ස්වාමීන් වහන්සේට අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ අනුනායක ධූරය පිරිනැමීමේ අක්ත්‍ර පත්‍රය ප්රදානය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2021.02.28 දින පස්වරුවේ පැවැත්විණි.
මෙම අක්ත්‍ර පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අම්බලන්ගොඩ, හිරේවත්ත සිරි විජයාරාම මහා විහාරයේ දී පැවැත්විණි.
අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ සිරි පවර විසුද්ධාචර්ය මහෝපාධ්යාන ශාස්ත්‍රාචාර්ය මහ නායක අති පූජ්‍ය නාකුළුගමුවේ පේමතිලක මහනාහිමියෝ අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමියන්ට අදාළ අක්ත්‍ර පත්‍රය පිළිගැන්වූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ අනුනායක අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමියන්ට විජිනිපත පිළිගැන්වූයේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතයෝ අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමියන්ට අෂ්ඨ පරිස්කාර පිළිගැන්වූහ.