ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතයි

September 26th, 2021

ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අවධාරණය කරයි.

ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනය වූ අද (12) දින පළමු සැසිවාරය අමතමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය.

ජී 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝම්බර් මස 30-31 දෙදින ඉතාලියේ රෝම අගනුවර දී පැවැත්වීමට නියමිත අතර ඊට සමඟාමීව ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) පැවැත්වෙයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී 20 අන්තර් ආගමික සංසදය ආමන්ත්‍රණය කළේය.

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධව සියළු දෙනාගේ දැන ගැනීම පිණිසයි


ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධව 2021 අගෝස්තු මස 05,06 හා 07 යන තෙදින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජස්මින් ශාලාවේදී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වෙන විද්වත් කමිටු රැස්වීමේදී සාකච්ඡා වීමට නියමිත නීති කෙටුම්පත් සම්පාදක විසින් නිකුත් කරන ලද නව කෙටුම්පත මේ සමග ඔබගේ අවධානය පිණිස පළ කර ඇත

මේ සඳහා ඔබගේ නිරීක්ෂණ හා නිර්දේශ ලිඛිතව 2021 අගෝස්තු මස 06 දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ශාලාව ඉදිරිපිට සිටින අපගේ නිලධාරීන් වෙත ඉදිරිපත් කළ හැකි අතර ඊට අමතරව admin@mbs.gov.lk දරණ අමාත්‍යාංශ විද්‍යුත් තැපැල් ලිපිනයට අගෝස්තු මස 05 වන දිනට පෙර යොමු කළ හැකි බව ද දන්වා සිටිනු ලැබේ.