
“හුස්මක්” රාජ්‍ය නර්තන හා සංගීත ප්‍රසංගය 2022-12-21 දින නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණි.
දෙසැම්බර් 27th, 2022සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ, දේශීය සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙනයාමේ අභිලාෂයෙන් ආරම්භ වූ රාජ්‍ය සංගීත හා නර්තන කණ්ඩායම මගින් එලි දැක්වූ “හුස්මක්” රාජ්‍ය නර්තන හා සංගීත ප්‍රසංගය පසුගිය දා (21) නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණි.
විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම ප්‍රසංගය, විශේෂයෙන්ම විවිධ රටවල් හී තානාපතිවරුන්, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්, හෝටල් ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ බොහෝ පිරිස් ඉලක්ක කරගනිමින් සංස්කෘතික ප්‍රවර්ධන කටයුතු මූලික කරගනිමින් සංවිධානය කරනු ලැබුණි. අපේ රටට විදේශ විනිමය ගෙන ආ හැකි ක්‍රමෝපායක් ලෙස එතෙර රටවල් හී ද “හුස්මක්” රාජ්‍ය නර්තන හා සංගීත ප්‍රසංගය වැනි ප්‍රසංග සංවිධානය කිරීමට හඳුන්වාදීම මෙහි මූලික අරමුණ විය.
මෑත ඉතිහාසයේ ප්‍රසංගයක් සඳහා වැඩිම ජනකායක් පැමිණි ප්‍රසංගය ලෙස “හුස්මක්” රාජ්‍ය නර්තන හා සංගීත ප්‍රසංගය, ප්‍රසාංග ඉතිහාසයට එක්වුණි.
තවද 1976 ප්‍රථම රාජ්‍ය සංගීත කණ්ඩායමේ සිටි මේ වන විට ජීවත්ව සිටින ප්‍රවීණ කලා ශිල්පීන් අගයමින් ඔවුන්ට, අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සම්මාන සහ සහතිකපත් පිරිනැමීමටද මෙය අවස්ථාවක් කරගනු ලැබුහ. මෙම අවස්ථාව සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ප්‍රවීන හා ආධුනික නර්තන හා සංගීත ශිල්පීන්, මුල් ගුරුවරුන් ඇතුළු ගායන හා නර්තන කලා ක්ෂේත්‍රයන් හී ප්‍රවීණයින් බොහෝ පිරිසක් සහභාගී වුහ. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්තුමා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යෂතුමිය ඇතුළු අදාල රාජ්‍ය ආයතන ප්‍රධානීන් බොහෝ දෙනෙක් ද විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම අවස්ථාවට සහභාගී විිය