
ජාතික මත්ද්‍රව්‍්‍ය නිවාරණ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන.
ජනවාරි 3rd, 2023ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් කර ගැනීමට සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් 2023.01.03 දින එනම් අද දින බප/මීගමුව අසිරිමත් දේව මාතා ජාතික පාසලේ දී ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී එන්.ආර්. අමරසිංහ මහතාගේ සම්පත් දායකත්වය පරිදි පැවැත්විණි. මේ සඳහා විද්‍යාලීය 7 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දූ දරුවන් 250කට අධීක සංඛ්‍යාවක් සහභාගී විය. එහිදී මත්ද්‍රව්‍ය භාවිතයේ නියම හානිය හා මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ දරුවන් තුළ ඇති විශ්වාස පද්ධතිය කෙතෙක් දුරට වැරදි සහගත ද යන්න අවධාරණයට ලක් කරන ලදි.