
පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ උඩරට නර්තන පීඨයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට..
පෙබරවාරි 6th, 2023ශ්‍රී ලාංකේය පාරම්පරික සංස්කෘතික උරුමයන් රැකගැනීමට, උඩරට නර්තන කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉන්දීය රජය, මහ කොමසාරිස් කාර්යාංශය සහ ඉන්දීය ජනතාව විසින්, ශ්‍රී දළදා මාළිගාව යටතේ තිබෙන පල්ලේකැලේ සිබා විශ්වවිද්‍යාලයට උඩරට නර්තන පීඨයේ අභිනව දෙමහල් ගොඩනැගිල්ල, පරිත්‍යාග කර ලදී. . පසු ගිය (පෙබරවාරි 01) දා පැවති මෙම දෙමහල් ගොඩනැගිල්ල විවෘත්ත කිරීමේ උත්සවය වෙනුවෙන් ඉන්දියාණු මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක Eldos Mathew Punnoose මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විිය
අභිනව ගොඩනැගිල්ල විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වූ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ඇතුළු අමුත්තන්, අභිනව ගොඩනැගිල්ල තුළ ඉගෙනුම් ක්‍රියාකාරකම් සිදු වන ආකාරය පිළිබඳව නිරීක්ෂණ කරනු ලැබුවේය. එසේම අමාත්‍යතුමා ආරාධිත ඉන්දියාණු නියෝජිතයන් සමඟ ඉදිරි කාර්යයන් සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවේය.
ප්‍රාසාංගික සංස්කෘතික නර්තනාංගයන් ගෙන් මෙම උත්සවය හැඩගැන්වුි. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා, අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනු නායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට වදාළ සේක. ඉන්දියාණු මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක Eldos Mathew Punnoose මහතා, සහකාර මහකොමසාරිස්තුමිය ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් ආරාධිත අමුත්තන් ලෙස සහභාගී ව්ය. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් ආචාර්ය ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන්, මධ්‍යම පලාත් ආණ්ඩුකාරතුමන්, සතර මහා දේවාලයන් හී බස්නායක නිලමෙතුමන්ලා, පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ මණ්ඩපාධිපති ඇතුළු ආයතන ප්‍රධානීන්, අංශ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් ද උපාධි අපේක්ෂක සිසු සිසුවියන් බොහෝ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී ව්ය