ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නව සේවා ස්ථානයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කෙරුණි…

පෙබරවාරි 8th, 2023

කොළඹ – 07, ටී.බී. ජයා මාවතේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙහිම, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නව සේවා ස්ථානයේ රාජකාරී කටයුතු ආරම්භ කෙරුණි. මෙහි දී පැවැත්වුණු ආගමික වතාවත් සඳහා ද සහභාගී වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්, දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් සහ ව්‍යාපෘතීන් පිලිබඳව ද සොයා බලන ලදී.

සේවා ස්ථානය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා අති උතුම් දේව ධර්මාචාර්‍ය අගරදගුරු පදවියේ සහයක රදගුරු මැක්ස්වල් ග්‍රැන්විල් සිල්වා හිමිපාණන්, ජාතික කතෝලික රදගුරු සම්මේලනයේ මහ ලේකම් ගරු ටෝනි මාර්ටින් පියතුමා, ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය නියෝජනය කරමින් ගරු හේශාන් පියතුමා ඇතුළු පූජා ප්‍රසාදීන් වහන්සේ ලා ද, අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු හින්දු, මුස්ලිම්, බුද්ධ ආගමික කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.චතුරි පිංතු ඇතුළු ආයතන ප්‍රධානීන්, කාර්යමණ්ඩල මහත්ම මහත්මීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ .