
මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා කාර්යාලයක්..
මාර්තු 23rd, 2023ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා පත් කර සිටින හජ් කමිටුවේ නිලධාරී මඩුල්ලෙහි වැඩ කටයුතු පහසුවෙන් කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ස්ථාපනය කළ නව කාර්යාලය විවෘත කිරීම එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Z.A.M.ෆයිසල් සහ හජ් කමිටුවේ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් 2023-03-21 දින සිදු කෙරිණි.
මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් උපරීම සාධාරණ ලෙස සේවා සැපයීම සඳහා මෙම කාර්යාලය විවෘත කළ බව විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ෆයිසල් කාසිම්,එම්.මුස්රෆ්,ඉෂාක් රහ්මාන්,මර්ජාන් පලීල්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ Z.A.M.ෆයිසල්,හජ් කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්වුහ.