ඓතිහාසික සුන්දරත්වය නැවත අත්විඳින්න දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් බුදුරුවගල වැව ආශ්‍රිතව බෝට්ටු සේවාවක් …

මැයි 19th, 2023

ඌව පලාතේ පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වන ඓතිහාසික පූජා ස්ථාන වෙත විදෙස් සංචාරකයින් ආකර්ශණය කර ගනිමින් ඔවුන්ට සුන්දර ශ්‍රී ලංකාවේ ආශ්වාදය විඳින්නට ඉඩ හසර ලබා දීම මෙහි මූලික බලාපොරොත්තුව වේ. එසේම බුදුරුවගල පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිත ගම්මානයන් හී ජනතාවට සෘජු හා වක්‍රාකාරව ආදායම් මාර්ග උත්පාදනය කර ගනිමින් ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ලැබේ. අද (19) සිට බුදුරුවගල ඓතිහාසික පූජා භූමියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සිත් සනසන පාරිසරික වින්දනීය අත්දැකීමක් ලබන්නට අවස්ථාව උදා ්. මේ වන විටත් බොහෝ දෙස් විදෙස් සංචාරකයින් පාසල් දරුවන් මෙම ඓතිහාසික ස්ථානය නැරඹීම සඳහා පැමිණෙති.

අපේ රටේ පූරාවිද්‍යා ස්ථාන ඓතිහාසික වශයෙන් පමණක් නොව ජෛව සහ ශාක විවිධත්වය තුළින් ද පාරිසරික අලංකාරයෙන් අනූන සොබා දහමේ අනර්ඝ නිමැවුමි. මේ නිසා වැඩි විදේශීය සංචාරකයින් ප්‍රමාණයක් අපේ රටට ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා සේම ඒ සඳහා ක්‍රම වේදයන් අපි සකස් කළ යුතුය. මේ පිළිබඳව වඩාත් අවබෝධයෙන් ක්‍රියා කිරීමට අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා අමාත්‍යංශය සහ අදාල ආයතනයන් නිරන්තරයෙන් දැනුවත් කරනු ලබේ. මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයා මෙවැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මාධ්‍ය වෙත සිය අදහස් පළ කරන ලදී.

මෙම ආරම්භක අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්ප කුමාර මැතිතුමන්, ගරු විජිත බේරුගොඩ මැතිතුමන් සහභාගී වු අතර බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ප්‍රධානීන්, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආයතන ප්‍රධානීන්, ඌව පලාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් බොහෝ පිරිසක් සහ බුදුරුවගල ධීවර සමිතියේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් ද එක්ව සිටියහ.

මධ්‍යම සංස්කෘතික අරමුදලත්, ඌව පළාත් සංචාරක අමාත්‍යංශයත් ප්‍රතිපාදන දායකත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියේ සේවා කටයුතු බුදුරුවගල ධීවර සමිතිය මගින් පවත්වාගෙන යන අතර ඔවුන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීමට ද මෙමගින් බලාපොරොත්තු වේ. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැැ.