අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික සිසුන් 131 දෙනෙකුට ජින්නා ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි…

මැයි 29th, 2023

පසුගිය වසරවල මෙන්ම, දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලාංකික උසස් පෙළ සිසුන් සඳහා ජින්නා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (24/05/2023) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සංවිධානය කර තිබුණි. මෙම ශිෂ්‍යත්ව පාකිස්තාන රජය විසින් 2006 වසරේ සිට ශ්‍රී ලාංකික සිසුන් සඳහා ප්‍රදානය කෙරුුුණි. පාකිස්තාන නිර්මාතෘ මුහම්මද් අලි ජින්නා මහතාගේ නමින් නම් කර ඇති මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙන් මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් 2400 කට වැඩි පිරිසක් ප්‍රතිලාභ ලබා දී  ඇත.

මෙම අවස්ථාවට බෞද්ධ, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ප්‍රධාන ආරාධිතඅමුත්තා වශයෙන් සහභාගී වුණි. අමාත්‍යතුමන් උත්සවය අමතමින්, පාකිස්තාන ජනතාවගේ සහ රජයේ මුලපිරීම අගය කළ අතර මිත්‍ර රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට එවැනි මුලපිරීම් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි ද පවසන ලදී. තාරුණ්‍යය අපේ අනාගතය බවත් මෙවැනි ශිෂ්‍යත්ව වැඩසටහන් තුළින් අපේ අනාගත පරපුර ශක්තිමත් කළ හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ලදී.

පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බර්කි මහතා විසින් ද උත්සව සභාව අමතනු ලැබුවේය.

මෙම උත්සවයේදී අමාත්‍යතුමන්, මහ බැංකු අධිපතිතුමන්, පාකිස්තාන මහ කොමසාරිස් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් වරුන් විසින් තෝරාගත් සිසුන් සඳහා සහතිකපත් ප්‍රදානය කරන කළහ. විශ්වවිද්‍යාල නියෝජිතයින්, මහාචාර්යවරුන්, තානාපතිවරුන් සහ දේශපාලන නායකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.