
පුරාවිද්‍යා උපදේශක සභාව සෙත්සිරිපාය ජාතික උරුම ශ්‍රවණාගාරයේ දී (25දා) අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි…
මැයි 29th, 2023මෙම පුරාවිද්‍යා උපදේශක සභාවේ දී, සර්වඥ ධාතූන් වහන්සේලා විදෙස් රටවල වන්දනාමාන කිරීම සඳහා වැඩම කරවීමට ලැබෙන ඉල්ලීම් වලට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද, මේ සඳහා ධාතූන්වහන්සේලා රක්ෂණය කිරීම සම්බන්ධයෙන්ද, එසේ ධාතූන් වහන්සේලා විදෙස් රටවලට වන්දනාමාන කිරීමට වැඩමකරවීමෙන් ලැබෙන මුදල් දුෂ්කර ගම් හී ඇති පන්සල් නඩත්තු කිරීමේ කටයුතු වෙනුවෙන් බැර කිරීමට ද අපේක්ෂා කරන ලදී. මේ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍යතුමා සිය අවධානය යොමු කළේය.
තවද, නීලගිරි මහා සෑයේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්, උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ගැසට් කිරීම හා සංරක්ෂණය කිරීමේ දී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ද දළදා මාලිගාවේ උණු පැන්ගෙය හා මඟුල් මඩුව සම්බන්ධයෙන් පවතින ගැටළු ඇතුළු තවත් විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණි.
පුරාවිද්‍යා ආඥාපනතට අනුව කටයුතු කරමින් පුරාවිද්‍යා අගයන්ට කිසිසේත්ම හානි නොවන ආකාරයෙන්, පුරාවිද්‍යා ස්මාරක රැක ගනිමින් අදාල පුරාවිද්‍යා වස්තූන් හී ආරක්ෂාව තහවුරු වන ආකාරයෙන් කටයුතු කළ යුතු බවට අමාත්‍යවරයා මෙහි දී අදාල බලධාරීන්ට උපදෙස් දෙන ලදී.
වැඩමකොට වදාළ මහා සංඝරත්නය අදාල කරුණු සම්බන්ධයෙන් අනුශාසනා කළ අතර උපදේශක සභාවේ මහත්ම මහත්මීන් ද සිය අදහස් ප්‍රකාශ කරන ලදී.
මෙම පුරාවිද්‍යා උපදේශක සභාව සඳහා පොළොන්නරුව සොළොස්මස්ථාන රජ මහා විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය වේඬරුවේ ධර්ම කීර්ති ශ්‍රී රතනපාල උපාලි අනුනාහිමිපාණන් වහනසේ ද, සෝමාවතී රජ මහා විහාරාධිපති ආචාර්ය පහමුනේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් වහන්සේ ද වැඩමවා වදාළහ. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්තුමන් ඇතුළු අදාල අමාත්‍යංශ සහ අනෙකුත් ආයතන ප්‍රධානීන්, පුරාවිද්‍යා ක්ෂේත්‍රයන් හී ප්‍රවීණ මහාචාර්යවරුන්, ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.