මන්නාරම දිස්ත්‍රික්කයේ හින්දු දහම් පාසල් ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන්…

මැයි 30th, 2023

හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ දහම් පාසල් ගුරුවරුන් සඳහා වාර්ෂික පුහුණු වැඩසටහනක් මන්නාරම ගෞරි අම්මාන් පාසලේ දී (27දා) පැවැත්වුණි. මන්නාරම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ගුරුවරුන් 100ක් පමණ මේ සඳහා සහභාගී විිය.

විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා, පුහුණු වැඩසටහන අතර තුර දී පැමිණ සිටින ගුරුවරුන් සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්විය. ඉරිදා දිනවල දහම් පාසල් යාමට තමන්ටත් දරුවන්ටත් ප්‍රවාහන පහසුකම් ප්‍රශ්න මතුවී ඇති බවත්, බස් ගාස්තු මිළ ඉහල යාම නිසා ද ප්‍රශ්න ඇති වී තිබෙන බවත් දහම් පාසල් ගරුවරුන් පෙන්වා දෙන ලදී. එසේම දහම් පාසල් සිසුන්ට ආහාර ලබාදීම, ගුරුවරුන්ට ප්‍රවාහන දීමනාවක් ලබා දීම, ඉරිදා උපකාරක පංති නතර කිරීම, දහම් පාසල් සඳහා යටිතල පහසුකම් ලබා දීම ආදී කරුණු සම්බන්ධයෙන් අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කරන ලදී.

ඒ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තු අධ්‍යක්ෂතුමන් ඇතුළු දෙපාර්තමේන්තු නිළධාරීන් සහ සංවර්ධන නිලධාරීන්, අරනේරි පාසලේ සහකාර අධ්‍යක්ෂතුමිය, වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙමින් මන්නාරම සහකාර මැතිවරණ කොමසාරිස්තුමන්, සමස්ත ලංකා හින්දු කොංග්‍රසයේ නීතීඥතුමන්, කෝවිල් භාරකාරතුමන්, පාසල් විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ.