දෙරට අතර මිතුදම තර කරන්න, ආගමික හා සංස්කෘතික සබඳතා පෙරට එයි…

ජූනි 12th, 2023

ශ්‍රී ලංකාවේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තනාපති Khaled Nasser Alameri මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් අද (08) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එක්සත් ආරාබි එමීර් රාජ්‍ය තුළ බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධස්ථානයක් ස්ථාපිත කිරීම,දෙරට අතර ආගමික හා සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,පර්යේෂණ හා අධ්‍යයන අවස්ථා හුවමාරු කර ගැනීම,ශ්‍රී ලංකාව තුළ හා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය තුළ පුරාවිද්‍යා ප්‍රදර්ශනයන් පැවැත්වීම,ඉතිහාසය,පුරාවිද්‍යාව හැදැරීමේ අධ්‍යයන අවස්ථා දෙරට අතර පුළුල් කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළ අතර, ඉදිරියේදී එම කටයුතු සිදු කිරීමට ද දෙපාර්ශවය අතර එකඟත්වය පළ කෙරිණි.