
හිතින් සංවේදී වූත්, මානුෂීය හැඟීමෙන් පිරිපුන් වූත් අපේම ජන සමාජයේ කොටසකගේ අනාගතය වෙනුවෙන් සංවිධානය වූ නව වැඩපිළිවෙලක්…
ජූනි 11th, 2023අද දින (11) වැලිකඩ බන්ධනාගාරයේ දී බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන්, බන්ධනාගාර කාර්යමණ්ඩලය සමඟ එක්ව, සංස්කෘතික අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලැබූ සංස්කෘතික ප්‍රාසාංගික නර්තන, ගායන, වාදන ඇතුලත් වැඩසටහනක් ඉදිරිපත් කරමින් නව වැඩසටහන් මාලාවක මූලාරම්භය සනිටුහන් කරන ලදී. මෙය සහජ කලා කුසලතාවයෙන්ගෙන් පිරි බොහෝ පිරිසක් බන්ධනාගාර රැඳවියන් තුල සිටින බැවින් ඔවුන්ගේ කලා කුසලතාවයන් වර්ධනය කරගැනීමටත් ඒ තුළින් සංවේදී හදවත් ඇත්තවුන් පිරිසක් අනාගතයේ රටට දායාද කරවීමත් මහඟු සමාජ මෙහෙවරකි.
බන්ධනාගාර රැඳවියන් යනු අපේම ජන සමාජයේ කොටස් කරුවනය. ඔවුන් සහ බන්ධනාගාර කාර්යමණ්ඩලය ද සහභාගී කරගනිමින් සංස්කෘතික අමාත්‍යංශය ලෙස තවත් අළුත් වැඩපිළිවෙලක් ආරම්භ කරනු ලැබු බව විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් මෙහි දී ප්‍රකාශ කර සිටියේ ය. වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයෙන් අද දින ආරම්භ කළ මෙම නව වැඩපිළිවල මගින් වැඩසටහන් ගනනාවක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ගරු අධිකරණ අමාත්‍යතුමාගේ ද ආශීර්වාදය ඇතිව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන් මාලාව මගින්, අනාගතයේ දී ගුණගරුක බවින්, සංවේදී බවින් යුත්, මානුෂීය හැඟීමෙන් පිරිපුන්, සමාජයට වැඩදායී මිනිසුන් ලෙස මෙම රැඳවියන් නිදහස් වීම ඔවුන්ටත් රටටත් වඩාත් ඵල දායී වන බවත් අමාත්‍යතුමා මෙම වැඩසටහනට සහභාගීවෙමින් ප්‍රකාශ කරන ලදී.
මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ඔවුන්ගේ උපරිම සහාය ලබා දුන් අතර සංස්කෘතික නර්තන, ගායන වාදන ඉදිරිපත් කිරීම රැඳවියන් සහ සංස්කෘතික අමාත්‍යංශ රාජ්‍ය නර්තන සහ ගායක කණ්ඩායම් එක්ව ඉදිරිපත් කිරීම අද දින සුවිශේෂී කටයුත්තක් බවට පත්වුණි.
මෙම වැඩසටහන සඳහා බුද්ධශාසන අමාත්‍යංශයේ සංඝරත්නයේ අනුශාසකත්වයෙන්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමන් ඇතුළු එම ආයතන ප්‍රධානීන් ද බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඇතුළු ආයතන ප්‍රධානීන් ද දෙපාර්ශවයේ කර්යමණ්ඩලයේ පිරිස් ද වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ.