
ජාතික ලේඛනාගාරය අධිලේඛන විශ්ව ප්‍රකාශයට අත්සන තබයි…
ජූනි 14th, 2023ජාතික ලේඛනාගාරය අධි ලේඛන පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අත්සන් තැබීම කොළඹ 07, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (09) දින සිදු කෙරිණි.
යුනෙස් කෝවේ 36 වැනි සැසිවාරයේදී මෙම විශ්ව ප්‍රකාශනය සම්මත කරගෙන ඇති අතර, එදිනට යෙදුණු ජාත්‍යන්තර අධිලේඛන දිනයට සමගාමීව එම අත්සන් තැබීම සිදුවිණි.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් නදීරා රූපසිංහ මහත්මිය ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.