
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තරය යා කෙරෙන බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයක් බුද්ධශාසන අමාත්‍යාංශයෙන් !
ජූනි 27th, 2023අන්තර්ජාතික බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයක් (Bureau of International Buddhist Relations – BIBR) ස්ථාපිත කිරීම මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
විදේශ රටවල ස්ථාපිත ශ්‍රී ලාංකේය ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථාන හෝ විහාරස්ථාන, දහම් පාසැල් ආදී වෙනත් බෞද්ධ ආයතන,ජාත්‍යන්තර ධර්මදූත කටයුතු සඳහා විදේශගත වන භික්ෂුන් වහන්සේලා, සිල් මෑණියන් වහන්සේලා යන දෙවැදෑරුම් අංශ සම්බන්ධයෙන්(සම්බන්ධීකරණය, නියාමනය සහ මාර්ගෝපදේශනය) සිදු කිරීම මෙම ආයතනය මඟින් සිදු කෙරේ.
බෞද්ධ සහ බෞද්ධ නොවන රටවලටද ඉදිරියේදී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන ස්ථාපිත කර ගැනීම හා බෞද්ධ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අන්තර්ජාතික බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශය මඟින් සිදු කෙරෙනු ඇතැයි එහිදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ ය.
අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ,අතිරේක ලේකම්වරු වන නාලිකා ගුණරත්න, එච්.එන්.කුමාරි,ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ,බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් (වැ.බ) කීර්ති සිරිබද්දන, අන්තර්ජාතික බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයේ ප්‍රධානි නිමේෂ තිවංකර සෙනවිපාල, පූජාභූම් අධ්‍යක්ෂ චතුර මිහිදුම්,ප්‍රධාන ගණකාධිකාරී ගයනි මුණවීර, අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන නිශාන්ත පුෂ්පකුමාර, බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන හා ප්‍රගතිපාලන) නෙරංජ එස්.ජයකොඩි යන මහත්ම මහත්මිහු සහ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.