
පුස්කොළ ලේඛන භාවිතය, ආරක්ෂා කර ගනිමින් අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවර ඇරඹේ…
ජූනි 30th, 2023අපේ රටේ ඈත අතීතයේ සිටම පුස්කොළ ලේඛන ගත කිරීම තුළින් ශ්‍රී සද්ධර්මය පමණක් නොව රාජ්‍යපාලන කටයුතු මෙන්ම විශේෂයෙන්ම පුරාණ වෛද්‍ය ශාස්ත්‍රය ඇතුළු බොහෝ දේ පුස්කොළ පොත් හී ග්‍රන්ථාරූඩ කරන ලදී. මේ නිසාම අපේ රටේ ෙඑතිහාසික උරුමයන් නොනැසී පවත්වා ගැනීමට පුස්කොළ ලේඛන කලාව අමිල මෙහෙවරක් ඉටු කරනු ලැබුවාය. අවධානයට ලක්‌නොවූ දෙස් විදෙස් වශයෙන් අප රටේ පුස්කොළ ලේඛණ අති විශාල ප්‍රමාණයක් නොනැසී තවමත් පවතියි. මේ සියල්ල පරිහරණය කරමින් එසේම මෙහි අන්තර්ගත තොරතුරු දත්ත අනාගත දරු පරපුර වෙනුවෙන් දායාද කිරීම අපේ රටට මෙන්ම මුළු මහත් මිනිස් ප්‍රජාව වෙනුවෙන්ම කළ යුතු මහඟු සමාජ මෙහෙවරි.
විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ අධීක්ෂණය සහ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම නව වැඩසටහන් මාලාව මගින් අපේ රටටත්, මුළු මහත් ලෝකයටත් වැදගත් වන විවිධ විෂයයන් සම්බන්ධ ෙඑතිහාසික තොරතුරු අනාගතය වෙනුවෙන් ආරක්ෂාකර ගැනීමටත්, අභාවයට යමින් පවතින පරිශීලකයන් සහ පර්යේෂකයින් ප්‍රමාණය වැඩි කරමින් නව ගිහි – පැවිදි දෙපාර්ෂවයෙන්ම පරිශීලකයන් සහ පර්යේෂකයින් බිහි කිරීම මූලික පරමාර්ථය කර ගනිමන් මෙම පාඨමාලාව ඇතුළු වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරේ.
පුස්කොළ ලේඛන කලාව හා බැඳුණු සංස්කෘතිය හඳුන්වාදීම, පුස්කොළ ලිවීම සහ ඒ ආශ්‍රිත කලාංග පිළිබඳ වෘත්තීයමය නිපුණතාව ලබාදීම සහ ඒ ආශ්‍රිත නිර්මාණ කරමින් හස්ත කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යාමට මග පෙන්වීම, සංරක්ෂණයට සංවේදී අධ්‍යයනයට යොමුවන විද්‍යාර්ථීන් පිරිසක් බිහි කිරීම ඇතුළු කරුණු බොහොමයක් අරමුණු කර ගනිමින් මෙම පාඨමාලාව පැවැත්වේවේඅපේ රටේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරනු ලැබු මෙම පුස්කොළ ලේඛන පිළිබඳ හය මාසික සහතික පත්‍ර පාඨමාලාව අවසන් කරමින් ෙඑතිහාසික වශයෙන් වැදගත් වන නව වැඩ වැඩසටහන් මාලාවක ප්‍රථම පියවර නොබෝ දා සාර්ථකව අවසන් කිරීමට නියමිතයි.
බුද්ධශාසනය ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයටතේ සහ රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානයේ ද සංවිධායකත්වයෙන් රිදීගම, ෙඑතිහාසික රිදී විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවති ප්‍රථම පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සහ දෙවන කණ්ඩායමේ පාඨමාලා සමාරම්භක උත්සවය, ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන සහ පර්යේෂණ ආයතනය විසින් විහාරස්ථ සම්මන්ත්‍රණ ශාලාවේ දී ජූලි 01 සෙනසුරාදා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතයි.