
ශ්‍රී ලංකා – ඉරාන සබඳතා වර්ධනයට නව මාවතක් විවර වෙයි…..!
ජූලි 7th, 2023ශ්‍රී ලංකා – ඉරාන ද්වීපාර්ශ්වික සංස්කෘතික,ආගමික,විද්‍යාත්මක සහ කාර්මික සහයෝගීතාව ආදී කරුණු ගණනාවක් පිළිබඳව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ සංස්කෘතික උපදේශක Dr.Moazami Goodarzi මහතා අතර සාකච්ඡාවක් කොළඹ,ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ දී අද (05) පැවැත්විණි.
පුරාවිද්‍යාව,ලේඛණාරක්ෂණ,කෞතුකාගාර සහ අනෙකුත් අධ්‍යාපන ක්ෂේත්‍රයන් සඳහා දෙරට අතර අධ්‍යාපනික වැඩසටහන් හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම,ආගමික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා වන්දනා නඩ හුවමාරු වැඩසටහන්,දෙරට තුළ නිර්මාණය වී තිබෙන උසස් තත්ත්වයෙන් යුතු සම්මානනිය චිත්‍රපට ප්‍රදර්ශන උළෙලක් සංවිධානය කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදි සාකච්ඡා කෙරිණි.
ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය වෙනුවෙන් K.Soheil (Chief of Economic & Consular Section), බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (පාලන) සුජීවා පල්ලියගුරුගේ,සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ (වැ.බ) භාග්‍යා සී.කටුදෙණිය,සහකාර ලේකම්වරු වන සජීවනි චන්දිමා,ටී.ශ්‍රී රජීවන්,විෂයය භාර නිලධාරීවරු වන ඩබ්.එම්.ආර්.ටී.විජේරත්න,එන්.බී.සමරසිංහ යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට එක්වුහ.