ශ්‍රී ලංකා – ඉරාන ළමා මිත්‍රත්ව සතිය දරුවන් වෙනුවෙන් උත්කර්ෂවත්ව !
ජූලි 15th, 2023ශ්‍රී ලංකා – ඉරාන ළමා මිත්‍රත්ව සතිය නිමිත්තෙන් ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ මහජන පුස්තකාලය එක්ව සංවිධානය කරන ලද උත්සවයක් පසුගිය (11) වැනිදා කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත්විණි.
සාහිත්‍ය,නාට්‍ය, ක්‍රීඩා හා චිත්‍රපට සංදර්ශන ආදී විවිධ වැඩමුළු රාශීයක් මෙම උත්සවය සඳහා ඇතුළත් කර ඇති අතර සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙම අවස්ථාවට සහභාගීවිය.
ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ කවුන්සිලර් ආචාර්ය බීසාම් ගුඩාර්සි,ආර්ථික හා කොන්සියුලර් අංශ ප්‍රධානී කේසොහයිල්,දේශපාලන අංශ ප්‍රධානී සෙයිද් ෂොස්තාෆා හලේම් යන මහත්වරු සහ කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලයාධිපතිනි වරුණී ගඟබඩආරච්චි මහත්මිය ද දරු දැරියෝ රැසක් ද මෙම අවස්ථාවට එක්වුහ.
ශ්‍රී ලංකා – ඉරාන ළමා මිත්‍රත්ව සතිය අද (15) පස්වරු 4.30 දක්වා පැවැත්වේ.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
