
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල විධායක සහා රැස්වීම…
ජූලි 18th, 2023සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල විධායක සහා රැස්වීම අති ගෞරවණීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (18) පැවැත්විණි.
දහම් පාසල් සිසු නිපුණතා සහ ධර්මාචාර්ය විභාග පැවැත්වීම පිළිබඳව,අට පිරිකර ප්‍රමිතිගත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග ආදී කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති පුජ්‍ය මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමින් වහන්සේ, ප්‍රධාන ලේඛකාධිකාරී පුජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින් වහන්සේ, උප සභාපති කහත්තේවෙල සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ,නියෝජ්‍ය ලේඛකාධිකාරී පුජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී අනුනායක ස්වාමින් වහන්සේ,නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය තලගල සුමනරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.