ඉස්ලාමීය අලුත් අවුරුදු (මුහර්රම්) උත්සවය පිළිබඳ ආගමික වැඩසටහනක්

ජූලි 24th, 2023

ඉස්ලාමීය අලුත් අවුරුදු (මුහර්රම්) උත්සවය පිළිබඳ ආගමික වැඩසටහනක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් අද (20) කොළඹ වැල්ලවත්ත මස්ජිද් අල් මක්බූල් (මෙමන් හනාෆි මස්ජිඩ්) හිදී පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ අතර, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෆයිසාල් ආබ්දීන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.