
නෙදර්ලන්තය මඟින් මෙරටට ලබාදීමට නියමිත කෞතුක භාණ්ඩ මවිබිමට නැවත ලබා දීම
සැප්තැම්බර් 4th, 2023නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනායි උස්ලු මහත්මියගේ සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන‍් ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරයේ දී මහජන දේශනයක් පැවැත්විණි.
නෙදර්ලන්තය මඟින් මෙරටට ලබාදීමට නියමිත කෞතුක භාණ්ඩ හය කිසිදාවත් නෙදර්ලන්තයේ නොතිබිය යුතු භාණ්ඩ බවත් ඒවා ශ්‍රී ලංකාට හිමිවිය යුතුයැයි නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනායි උස්ලු මහත්මිය එහිදී සඳහන් කළා ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ලේකම්වරිය මෙසේ ද සඳහන් කළා ය.
මෙම භාණ්ඩ ඒවා අයත් මවිබිමට නැවත ලබා දීමට, සාදාචාරාත්මක බැඳීමක් අපට තියෙනවා.මේවා ශත වර්ෂ දෙක හමාරකට කලින් පැහැර ගෙන හා සොරා කා ඇති භාණ්ඩ.මෙය ශත වර්ෂ දෙක හමාරක් තිස්සේ ඉතාමත් දීර්ඝ කාලයක් සිදු වී ඇති ආසාධාරණයක්.එසේම තවදුරටත් ලංකාව සමඟ පර්යේෂණ සහ දැනුම හුවමාරු කර ගැනීමේ ව්‍යාපෘති හරහා අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව ද එහිදී ඇය පැවැසුවා ය.
ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක්, රනින් සහ රිදියෙන් නිම කරන ලද කොපු සහිත කස්තාන දෙකක්, රනින් නිමකළ පිහියක් සහ මහ තුවක්කු දෙකක් යන කෞතුක භාණ්ඩ හය මහනුවර රාජධානි සමයට අයත් වූ ඒවා බව පර්යේෂණ මඟින් 2022 වර්ෂයේ දී තහවුරු කර තිබෙන අතර,1765 දී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේ දී එම භාණ්ඩ රැගෙන ගොස් ඇති බව ද ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරයේ අධිලේඛන සහ අනෙකුත් සාක්ෂි මඟින් තහවුරු වී තිබේ.