කතරගම දේවාලයේ “ස්වර්ණ ප්‍රවේශය” විවෘත කෙරේ …

ජූලි 21st, 2024

කතරගම මැණික් ගඟේ අංක 02 පාලම අසළ ඉදිකළ මෙරට ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය ‘ස්වර්ණ ප්‍රවේශය’ හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) විවෘත කෙරිණි.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව මෙම ජල පා සෝදනය විවෘත කෙරිණි.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති කපුගම සරණතිස්ස, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කිරි වෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද, තිස්ස මහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන යන ස්වාමීන්වහන්සේලා ජල ප්‍රාකාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වුහ.

කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති කර්යය ප්‍රධානි සාගර රත්නායක, ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, මොනරාගල දිස්ත්‍රික් ලේකම් පසන් රත්නායක යන මහත්වරු ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.