
“බුදු පුත් මාපිය සරණ” ව්‍යාපෘතියේ පළමු නිවස බාරදීමේ පින්කම…
මැයි 22nd, 2025ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවෙන් ක්‍රියාත්මක “බුදු පුත් මාපිය සරණ” ව්‍යාපෘතිය මඟින් ඉදිකරන ලද අංග සම්පූර්ණ පළමු නිවස බාරදීමේ පින්කම අද (22) මාතලේ දී සිදුවිය. මෙම පිංකම උයන්ගොඩ මෛත්‍රීමූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමිපාණන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ලේකම් මණ්ඩලයේ හිමිවරුන්ගේ හා ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මාතලේ, වැවිල්ල ශ්‍රී වර්ධනාරාමාධිපති ගලලියැද්දේ අරියවංශ හිමියන්ගේ ශිෂ්‍ය කහවත්තේ සුමේධවංශ සාමණේර හිමියන්ගේ මවුපියන් වෙනුවෙන් යටවත්ත ප්‍රදේශයේ මෙම නිවස ඉදිකෙරිණි.
ශ්‍රී ලංකා අමරපුර සිරිසුමන පාර්ශවයේ මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රී ධර්මවර්ධනාරාමය විහාරාධිපති, නිකාය ආරක්ෂක සභාවේ සභාපති හා කළුතර බෝධි භාර මණ්ඩලයේ සභාපති දේශමාන්‍ය අජිත් ද සොයිසා, අමරපුර නිකාය ආරක්ෂක සභාවේ ලේකම් ආර්.ඩී.සිරිසේන මැතිතුමන්ලා ඇතුළු ගිහි පැවිදි පිරිසක් මේ සඳහා සහභාගී විය.