
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාව
මැයි 21st, 2025ඉන්දීය රජය විසින් ආගමික ස්ථාන සඳහා පරිත්‍යාග කරනල ලද සෝලා පැනල් ව්‍යාපෘතියේ ප්‍රගතිය හා යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය, අනුරාධපරයේ සාප්පු සංකීර්ණය හා තිරුක්කෝනේෂ්වරන් දේවාලයේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු සම්බන්ධව සාකච්ඡාවක් අද දින (21) බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයේදී පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් උපදේශක සහ ප්‍රධානී (සංවර්ධන සහයෝගීතා) Mr. Maitrey Kulkarni, දෙවන ලේකම් (සංවර්ධන සහයෝගිතා) Mr. Ashok Kumar Raju, සංවර්ධන සහයෝගීතාවයේ Mr. Perminder – Attaché , පරිවර්තක Ms. Nirasha සහභාගී වූ අතර අමාත්‍යාංශය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය පෞද්ගලික ලේකම් නිමල් රත්නායක, මහජන සම්බන්ධතා නිලධාරී උපුල් නන්දන සහ සම්බන්ධීකරණ ලේකම් විජිත රණවීර බණ්ඩා යන නිලධාරීන් සහභාගී විය