මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක එකමුතුවේ මහා සභා සැසිවාරය

මැයි 23rd, 2025

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක එකමුතුවේ මහා සභා සැසිවාරය අද දින(23) බටලීය, ජාතික අනුරූ පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා සහභාගී විය.
අනතුරුව එම පාසලේ දූ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාකරකම් පිළිබඳ විශේෂ අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යතුමා එම අනුරූ පාසලේ නිෂ්පාදන භාණ්ඩ පිළිබඳවද අධීක්ෂණයක යෙදුණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක එකමුතුවේ සභාපති, රසික මුතුකුමාරණ, ලේකම්, ටී.එස්.ගමගේ, බටලීය, ජාතික අනුරූ පාසලේ ස්ථාන භාර නිලධාරී මානෙල් කුමාරි මහත්මිය ඇතුළු එම සංගමයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.