ඓතිහාසික මිහින්තලා රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව පවත්වනු ලබන පොසොන් පෙරහැර – 2025

ජූනි 10th, 2025

ඓතිහාසික මිහින්තලා රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව පවත්වනු ලබන පොසොන් පෙරහැර 09 වන දින ඓතිහාසික මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන්වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව, ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී මහත් අලංකාර පෙරහරක් ලෙස පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මැතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා සහභාගී විය.

මේ අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සමන්ති නාගහතැන්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, ආර්.එම්. පී. රත්නායක, අදාල ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන්, සම්භාවනීය අමුත්තන් ඇතුළු දෙස් රටවල දූතපිරිස්, ගිහි පැවිදි, ප්‍රදේශවාසී අති විශාල පිරිසක් එක් විණි.