2025 නොවැම්බර් මස 05 වන දින පැවැත්වීමට නියමිත ජාතික මිලාද් – දුන් නබි උත්සවය පිළිබඳ මූලික සාකච්ඡාවක්

ජූනි 12th, 2025

2025 නොවැම්බර් මස 05 වන දින පැවැත්වීමට නියමිත ජාතික මිලාද් – දුන් නබි උත්සවය පිළිබඳ මූලික සාකච්ඡාවක් 12 වන දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. මෙම ජාතික මිලාද් – දුන් නබි උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාකර අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සාකච්ඡාවේ මූලික අරමුණු විය.

මෙම සාකච්ඡාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් කමිටු සභාපති, නිහාල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, බුද්ධශාසන අමාත්‍යාංශයේ සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරුන්, අම්බලන්තොට ප්‍රාදේශීය සභා සභාපති විපුල විජයදාස, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන්, මහා සංඝරත්නය, මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් ද මේ සඳහා පිරිසක් එක්ව සිටියහ.