
‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ – ජාතික පොසොන් උත්සවය 2025
ජූනි 10th, 2025‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන තේමාවෙන් ජාතික පොසොන් උත්සවය අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයේ දී අද දින(10) පැවැත්විණි.
ඓතිහාසික මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන්වහන්සේගේ අනුශාසනා මැද දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන්, මෙම පුන්‍යවත්ව අස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය, වසන්ත සමරසිංහ මැතිතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, හින්දුම සුනිල් සෙනෙවි මැතිතුමන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ගමගෙදර දිසානායක මැතිතුමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ගිහි, පැවිදි, අතිවිශාල පිරිසක් සහභාගි විය.
තවද, ජාතික පොසොන් උත්සවයට සමගාමීව පින්කම් මාලාවක් ක්‍රියාත්මක වූ අතර, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල ගරුතර ස්වාමීන්වහන්සේලා හට සිවුරු බෙදාදීමක් ද ගැබිණි මාතාවන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදීමක් හා පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමක්ද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ගමගෙදර දිසානායක මැතිතුමන්ගේ සුරතින් සිදුවුණි.