දහම් ගුරු අභිසෙස් මංගල්‍යය

ජූනි 6th, 2025

මහනුවර, දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් 45ක දහම් ගුරුවරුන් 512 දෙනෙකු ඇඟයීම නිමිත්තෙන් ” දහම් ගුරු අභිසෙස් මංගල්‍යය” අද (06) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවාණාගාරයේ දී පැවැත්විණි.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිත සිරි හිමියන්ගේ මුලසුන යටතේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පටියාගොඩ සිරිවිමල නායක හිමියන්ගේ සහභාගීත්වයෙන් සහ සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවල අනුරුද්ධ හිමි, මල්වතු මහ විහාරීය කර්මාචාර්ය, හිඳගල රජමහ විහාරාධිපති පූජ්‍ය ඇඹිල්මීගම පක්ඤාකිත්ති හිමි, ගඟවට කෝරළය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය එගොඩමුල්ලේ ඤාණසීහ හිමි, මහනුවර දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය මාවනැල්ලේ වප්ප හිමි ඇතුලු මහා සංඝරත්නය ද මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මහනුවර ගඟවට කෝරළය සහකාර ප්‍රාදේශීය ලේකම් කාංචනා නුගලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරින් හා දහම් පාසල් ආචාර්ය මණ්ඩලය මෙම උපහාර උළෙල සඳහා සහභාගී වූහ.