
දඹුල්ල, ඇතාබැඳී වැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ දැවමය සම්බුද්ධ පරිනිර්වාණ මංචකය හා දැවමය ශ්‍රී විශ්ණු දේව ප්‍රතිමාව ඇතුළත් සම්බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය
ජූනි 2nd, 2025දඹුල්ල, ඇතාබැඳී වැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ දැවමය සම්බුද්ධ පරිනිර්වාණ මංචකය හා දැවමය ශ්‍රී විශ්ණු දේව ප්‍රතිමාව ඇතුළත් සම්බුද්ධ මන්දිරය (02) අද දින විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය සිදුවිය.
රංගිරි දඹුලු රජමහා විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගලාභීධාන නාහිමිපාණන් අනුශාසනා පරිදි, දඹුල්ල, ඇතැබැඳිවැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ විහාරාධිපති, ශාස්ත්‍රපති, දඬුබැදිරුප්පේ මහින්ද නාහිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් යුතුව මහාවිහාර ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිපුජ්‍ය වරාගොඩ ධම්මසිද්ධි පඤ්ඤානන්ද ඤාණරතනභිධාන ශ්‍රීමත් මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රිමත් අනුනායක, ශාස්ත්‍රපති අතිපුජ්‍ය වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රි රතනපාල උපාලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අතිපුජ්‍ය ආණමඩුවේ සද්ධර්මකිර්තී ශ්‍රි රතනපාල බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අති පූජනීය කාරක සංඝ සභික හා සංඝනායක ස්වාමීන්වහන්සේලා ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩමවිමෙන් පැවැති මෙම පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ සහභාගී වූ අතර, විහාරස්ථ දායක සභාව, හිහි පැවිදි සැදැහැවතුන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.