
ඓතිහාසික නාගොල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරයේ වහලය ප්‍රතිසංස්කරණය කිරිමේ පුණ්‍ය මහොත්සවය
ජූනි 27th, 2025ඓතිහාසික නාගොල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරයේ වහලය ප්‍රතිසංස්කරණය කිරිමේ පුණ්‍ය මහොත්සවය 26 වන දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ඓතිහාසික නාගොල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අතිපුජ්‍ය ගණේගොඩ රත්නජෝති නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකෙරුණු මෙම පුන්‍ය මහෝත්සවය සඳහා උතුරු මාතලේ ප්‍රධාන අධිකරණ සංඝනායක, තලකිරියාව විහාරාධිපති, පුජ්‍ය පොල්ගොල්ලේ මංගල නාහිමි, දකුණු මාතලේ උප ප්‍රධාන සංඝනායක අලුත්ගම නිග්‍රෝධාරාමාධිපති, පුජ්‍ය සිල්වත්ගම රතනසාර නාහිමිපාණන්වහන්සේ, දකුණු මාතලේ ප්‍රධාන අධිකරණ සංඝනායක, අකුරම්බොඩ අග්‍රබෝධි විහාරාධිපති, පුජ්‍ය යටවත්තේ චන්ද්‍රජෝති නාහිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් විහාර මන්දිරයේ වහලය ප්‍රතිසංස්කරණය කිරිමේ පුණ්‍ය මහොත්සවයේ කටයුතු සිදුවිය.