130 වන දහම් පාසල් දිනය සැමරීමේ ජාතික උත්සවය

අගෝස්තු 4th, 2025

130 වන දහම් පාසල් දිනය සැමරීමේ ජාතික උත්සවය අගෝස්තු (03) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමාගේ සහ දිගාමඩූල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය ගරු වසන්ත පියතිස්‌ස මැතිතුමා, දිගාමඩූල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ගරු මංජුල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාර, හාඩ් උසස් තාත්ෂණ ආයතන රැස්වීම් ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී අම්පාර දිස්ත්‍රික්කයේ විශිෂ්ඨ සේවා කාලයක් සපුරන ලද දහම් පාසල් ගුරු භවතුන් හට සමරු පළක ප්‍රධානය කිරීමත්, එම දිස්ත්‍රික්කයේ සියලුම දහම් පාසල් නියෝජනය වන පරිදි දහම් පාසල්හි ශිෂ්‍ය නායක නායිකාවන් ඇගයීමට ලක්කරමින් ත්‍යාග ප්‍රදානය කිරීමත් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමන්ලාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ගේ අතින් සිදුවිය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් මත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධකටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් මෙම ජාතික උත්සවයේ සංවිධාන කටයුතු සිදුකරනු ලැබිණි.

අම්පාර දිස්ත්‍රික්කයේ ‍ ත්‍රෛයිනිකායික ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නය, අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන්, දහම් පාසල් ගරුභවතුන් හා සිදු දරු දැරියන්, දෙමාපියන් විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.