“පැලලුප් චෛත්‍යය රාජයාණන්” වහන්සේගේ ගර්භාරම්භ පුණ්‍ය මහෝත්සවය

අගෝස්තු 31st, 2025

දඹුල්ල , ඉනාමලුවේ, බෙල්ලන්නේඔය ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදි වන ප්‍රථම රහතන්වහන්සේලා හැටනමකට සහ ශ්‍රී සම්බුදුරජානන් වහන්සේ සිහිපත් කරමින් අඩි 61 ක් උස සහ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සිහිපත් කරමින් අඩි 37 ක් පළලින් සහ ශ්‍රී සම්බුදුරජානන් වහන්සේගේ දෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති අනුරාධපුර ස්වර්ණමාලි චෛත රාජයානන් වහන්සේගේ අනුරුවක් ලෙස ඉදිකිරීමට බලාපොරොත්තු වන “පැලලුප් චෛත්‍යය රාජයාණන්” වහන්සේගේ ගර්භාරම්භ පුණ්‍ය මහෝත්සවය අද දින (31) යෙදුණු සුභ මොහොතින් සිදුවිණි.

මෙම පින්බර අවස්ථාව සඳහා ‌ඓතිහාසික එඬේරගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ වනවාසී පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය පස්ගොඩ ජිනවංශාභිධාන මහා නායක හිමිපාණන්වහන්සේගේ සුරතින් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

ගරු තර ස්වාමීණ් වහන්සේලා, ප්‍රදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්, දායකසභාවේ සහ ප්‍රදේශ වාසී බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.