දහම් පාසල් ප්‍රධානාචාර්වරුන් සඳහා වූ එක්දින වැඩමුළුව පොළොන්නරුව හා මාතලේ

සැප්තැම්බර් 7th, 2025

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා කොළඹ තරුණ බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරනු ලැබු දහම් පාසල් ප්‍රධානාචාර්වරුන් සඳහා වූ එක්දින වැඩමුළුව පොළොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොට ගෙන 2025 සැප්තැම්බර් මස 06 වෙනි දින පොළොන්නරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමා එක්වූ අතර සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ගරු සභාපතිතුමන් වන පණ්ඩුක මහේන්ද්‍ර ජයසේකර මහතා , අදාල ආයතනවල මහත්ම මහත්මීහු විශාල පිරිසක් එක්ව සිටියහ.