
75 වන පියවරින් පියවර වැඩසටහන යටතේ පුත්තලම් දිස්ත්‍රික් ශාසන බල මණ්ඩලය විසින් සංවිධානය කළ විශේෂ සාකච්ඡාව
සැප්තැම්බර් 16th, 202575 වන පියවරින් පියවර වැඩසටහන යටතේ පුත්තලම් දිස්ත්‍රික් ශාසන බල මණ්ඩලය විසින් සංවිධානය කළ පුත්තලම් දිස්ත්‍රික් ගරු සභාපති, ගරු ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමෙන් පැවැති විශේෂ සාකච්ඡාවක් අද දින (16) පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු වැඩබලන අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමා හා පුත්තලම් දිස්ත්‍රික් ලේකම්, වයි.අයි.එම්.සිල්වා ඇතුළු අදාල ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් වූහ.