සමස්ථ ලංකා දහම් ගුරු එකමුතුව හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා අතර සාකච්ඡාව

සැප්තැම්බර් 24th, 2025

සමස්ථ ලංකා දහම් ගුරු එකමුතුව හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා අතර සාකච්ඡාවක් අද දින (24) අමාත්‍යාංශයේ දී සිදුවිණි.
මෙහිදී සමස්ථ ලංකා දහම් ගුරු එකමුතුව මගින් දීපවියාප්තව සිදුකරනු ලබන සමාජ මෙහෙවර සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සහ අමාත්‍යාංශයේ සහය බලාපොරොත්තුවන බවත් දහම් ගුරුභවතුන්ගේ සහ දහම් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතුවලදී ඇතිවන විවිධ ගැටළුකාරී තත්වයන් පිළිබඳව ද අවධානයට ලක්විය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නිමල් රත්නායක, සම්බන්ධීකරණ ලේකම් රණවීර බණ්ඩා, මහජන සම්බන්ධතා නිලධාරී උපුල් නන්දන කුමාර මහතා, ලංකා දහම් ගුරු එකමුතුවේ සභාපති සුමේධ රත්නායක, ලේකම් පුබුදුනී ලියනගේ, උපසභාපති නිරෝධ ප්‍රභාෂ්වර, ඇතුළු සාමාජික සාමාජිකාවෝ මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.