2026 වර්ෂය සදහා රාජකාරි කටයුතු ආරම්භ කිරීම

ජනවාරි 1st, 2026

2026 වර්ෂය සදහා රාජකාරි කටයුතු ආරම්භ කිරීම අද (01) පෙරවරුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේදි සිදුකෙරිණි. ආගමික චාරිත්‍රවලට අනතුරුව සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය සේවක ප්‍රතිඥාව හා දිවුරුම ලබාදිම සිදුවිය. මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශය ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීහු ද එක්ව සිටියහ.