මාතර දික්වැල්ල දීඝවාලුකාරාම රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
ජනවාරි 5th, 2026ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මග පෙන්වීම යටතේ,බුදු දහම ප්රමුකත්වයයෙහි ලා සලකමින්,අධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණකරුක ජන සමාජයක් බිහි කිරීමත්,ශ්‍රී ලාංකේය ඓතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීමත් අරමුණු කර ගනිමින් මාතර දික්වැල්ල දීඝවාලුකාරාම රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එම ශ්‍රී සන්නස් පත්‍රය පූජා කිරීමේ මහෝත්සවය අමරපුර ශ්‍රී සද්ධම්ම මහා නිකායේ අනුනායක ධුරන්දර අතිපූජ්‍ය රත්මලානේ සුනීත අනුනාහිමියන්ගේ මූලිකත්වයෙන්, ගිහි පැවිදි විශාල බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්, 04 දින පැවැත්වුණි. මෙම පූජෝත්සවයෙහි ප්‍රධාන ආරාධික අමුත්තා වශයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා සහභාගී වූ අතර. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්බැද්දේගොඩ මැතිතුමා , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙන්ම,ගිහි පැවිදි විශාල සංඛ්‍යාවක් මෙම මහෝත්සවයට සහභාගි විය.





බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
