පල්ලෙපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මාතලේ කූඹියන්ගොඩ විද්‍යාසේකර පිරිවෙනේදී ඇස් කන්නාඩි සායනයක්

ජනවාරි 6th, 2026

බුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අක්ෂි සංගමය ඒකාබද්ධව,මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මාතලේ කූඹියන්ගොඩ විද්‍යාසේකර පිරිවෙනේදී ප්‍රදේශවාසි ජනතාව වෙනුවෙන් ඇස් කන්නාඩි සායනයක් පැවැත්විණි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යය ගමගෙදර දිසානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව,ඇස් කන්නාඩි ප්‍රධානය කිරීමේ අවස්ථාව පැවැත්විණි. බුද්ධශාසන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අක්‍ෂි සංගමය ඒකාබද්ධව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඉදිරියේදී මෙම සායනය පැවැත්විමට කටයුතු යොදා තිබෙන අතර ඊයේ පැවති මෙම අවස්ථාවට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන සුනිල් බියන්විල මහතා සහ දීප්ති වාසලගේ මහත්මියද එක්ව සිටියහ. ඊට අමතරව පල්ලෙපොළ ප්‍රාදේශීය ලේකම්තුමිය ,පල්ලෙපොළ ප්‍රාදේශීය සභාසභාපති, මාතලේ නගරාධිපති ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක්ද සහභාගි විය.මෙම ඇස් කන්නාඩි ප්‍රධානයේදී ජනතාව වෙනුවෙන් ඊයේ දින ඇස් කන්නාඩි 750ක් පමණ ප්‍රධානය කෙරිණි.