දෙස් විදෙස් සංචාරකයින් සඳහාම වෙන් වුනු සුවිශේෂ වූ බස්රථයක්

ජනවාරි 16th, 2026

දෙස් විදෙස් සංචාරකයින් සඳහාම වෙන් වුනු සුවිශේෂ වූ බස්රථයක් , නව අත්දැකීමක් සමගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අද දින සීගිරියේදී හඳුන්වා දුන්නා. ‘DABULLA BUSTAURANT’ නමින් මෙම බස්රථය හඳුන්වාදීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා , මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මැතිතුමා, දඹුල්ල නගරාධිපති, දඹුල්ල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ව්‍යාපාරිකයින් මෙන්ම විදේශීය සංචාරයකින් පිරිසක් ද එක්ව සිටියහ.