මාතලේ පල්ලෙපොල මනංවත්ත විහාරස්ථානයේ නව ආවාස ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම

ජනවාරි 16th, 2026

මාතලේ පල්ලෙපොල මනංවත්ත විහාරස්ථානයේ නව ආවාස ගොඩනැගිල්ලට මුල් ගල් තැබීමෙ මහෝත්සවය අද දින මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ,මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පල්⁣ලෙපොල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ප්‍රදේශවාසී සැදැහැවතුන් ද එක්ව සිටියහ.