කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර මංගල්‍යය

පෙබරවාරි 3rd, 2026

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර මංගල්‍යය 01 දිනත් පැවත්වනි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙම පෙරහර මංගල්‍යය පැවති අතර එම අවස්ථාවට බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා සහ බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍යය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාද සහභාගි විය. මීට අමතරව මැති ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම තෙයිනිකායික නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු, දෙස් විදෙස් විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.