“දෙව්නි මෝරී” සර්වඥ ධාතූන් වහන්සේලා යළි ඉන්දියාව බලා වැඩම කරවීම
පෙබරවාරි 11th, 2026දින හතක් මුළුල්ලේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වන්දනා මාන කිරීම සඳහා තැන්පත් කර තිබූ සර්වඥ ධාතූන් වහන්සේලා යළි ඉන්දියාව බලා වැඩම කරවීම අද පෙරවරුවේදී සිදු විය. මෙම දින හත පුරාම ලක්ෂ සංඛ්‍යාවක බැතිමතුන් පිරිසක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත් අතර අද පෙරවරු නමයට ගිහි පැවදි විශාල බැතිමතුන් පිරිසකගේ සාධුකාර මැද සර්වඥ ධාතූන් වහන්සේලා ගංගාරාම විහාරස්ථානයේ සිට දිගු රිය පෙරහරකින් කටුනායක ගුවන් තොටුපොළ දක්වා වැඩම කිරිම ආරම්භ කළහ. කටුනායක ගුවන්තොටුපළේදීද පිරිත් සජ්ඣායනා මැද්දේ සර්වඥ ධාතූන් වහන්සේලා පෙරවරු 11.20 සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කිරීම සඳහාම වෙන් වූ විශේෂ ඉන්දීය ගුවන් යානයකින් ඉන්දියාව බලා වැඩම කළහ. මෙම අවස්ථාවට බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා සමග එම නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා සහභාගි වූ අතර, ඉන්දීය මහ කොමසාරිස්තුමා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා ඉන්දීය රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.







බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
