2025 අස්වැන්න කලා රසරණිය ධනරංජන සම්මාන ප්‍රධානෝත්සවය
මාර්තු 2nd, 2026බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන නාඋල ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද 2025 අස්වැන්න කලා රසරණිය ධනරංජන සම්මාන ප්‍රධානෝත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාඋල සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී 01 වෙනි දින පැවැත්විණි. නාඋල කලාපයේ දූ දරුවන්ගේ සහජ හැකියාවන් විදහා පාමින් මෙම සංස්කෘතික උළෙල ඉතාමත් අලංකාර අන්දමින් පැවැත්වු අතර මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මැතිතුමා ,නාඋල සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී කුසල් දේශප්‍රිය මහතා ඇතුළු ගිහි පැවිදි ප්‍රදේශවාසී ජනතාවද එක්ව සිටියහ.





බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
