කෑගල්ල තරණගල බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත කිරීම
මාර්තු 18th, 2026කෑගල්ල තරණගල බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත කිරීම පරිසර අමාත්‍යය වෛද්‍ය ධම්මික පටබැඳී, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අද දින(18) පැවැත්විනි. තරණගල බෞද්ධ මධ්‍යස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන අස්මඬලේ ධර්මරතන හිමිගේ අනුශාසනාවෙන්, මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක මහ හිමියන් ඇතුළු ගරුතර නායක ස්වාමීන් වහන්සේලා මෙන්ම, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සාගරිකා ආතාවුද, කෑගල්ල නගරාධිපති, කෑගල්ල ප්‍රාදේශීය සභා සභාපති, කෑගල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
